Sunday, May 5, 2024

General line - 0115112241

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාර වැසියන් පෙළ ගැසෙයි




හමුදා පාලනයට නතුව ඇති මියන්මාරය තුළ මේවනවිට මහජන විරෝධතා ගොඩනැගෙනමින් පවතිනවා. විදෙස් වාර්තා පැවසුවේ හමුදා පාලනයට එරෙහිව නිහඬව සිය විරෝධය පළ කළ මියන්මාර වැසියන් මේවනවිට සිය හඬ අවදි කරමින් සිටින බවයි. ඒ අනුව හමුදා පාලනයට එරෙහි මහජන විරෝධතාවල පෙරමුණ ගෙන සිටින්නේ මියන්මාරයේ සෞඛ්‍ය අංශ සාමාජිකයින්. එරට නගර රැසකදී සෞඛය අංශ සාමාජිකයින් වැඩවර්ජනයක් කැඳවමින් ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්. 

ඒ සඳහා මියන්මාරවේ සිවිල් ක්‍රියාකාරීන් ද එක්වෙමින් සිටිනවා. 

හමුදා පාලනයට නතුවී දින 02 ක් ගතවන තුරුම මියන්මාර වැසියන් හමුදාවට සිය විරෝධය පළ කළේ සමාජ මාධ්‍ය භාවිත කරමින්. එහෙත් ඊයේ රාත්‍රියේ නගර රැසක වැසියන් සිය නිවෙස් තුළ සිට විවිධ ශබ්ද නගමින් හමුදා පාලනයට එරෙහිව සිය විරෝධය පළ කර තිබෙනවා.

වාහනවල නලා හඬවමින් ඇතැමුන් සිය විරෝධය දැක්වූ බව ද විදෙස් වාර්තාවල සඳහන්. කෙසේවෙතත්, මියන්මාරයේ නගර රැසකට තවදුරටත් හමුදා සාමාජිකයින් යොදවා ඇති අයුරු දක්නට ලැබෙනවා. හමුදා පාලනය විසින් මියන්මාරය තුළ නව මැතිවරණ කොමිසමක් පිහිටුවා ඇති අතර නව පොලිස් ප්‍රධානියෙකු ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.