Sunday, May 5, 2024

General line - 0115112241

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ආපසු හැරවීමට එක්වන්නැයි ජෝ බයිඩන් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි




මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ආපසු හරවා එහි යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වන්නැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්,ලෝක නායකයන්ගෙන්  ඉල්ලීමක් කර තිබේ.

මියන්මාරයට යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරදීමට සාමූහිකව මැදිහත්වීම අන්තර්ජාතික ප්‍රජාවගේ වගකීමක් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා  වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ලොව කොතනක හෝ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කටයුතු සිදුවේ නම් ඒවා පරාජය කිරීමට ඇමරිකාව කටයුතු කරන බවත් දැනටමත් කලාපීය ප්‍රජාතන්ත්‍රවාදී බලවතුන් සමග මියන්මාරයේ තත්වය සම්බන්ධයෙන් ගත යුතු පියවර පිලිබද සාකච්ඡා කරමින් ඇති බවත් ජනාධිපති බයිඩන් සදහන් කර තිබේ.

මෙි අතර හමුදාව පාලනය අත් කරගැනීමෙන් පසු මියන්මාරයේ අන්තර්ජාල සහ සංනිවේදන සබදතා අවහිර කොට ඇති අතර ඒවා වහාම යළි ස්ථාපිත කළ යුතු බවටද ජනාධිපති බයිඩන් අවධාරණය කොට ඇත.

මෙි අතර ඇමරිකානු වාර්තා සදහන් කරන්නේ මියන්මාරයට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඇමරිකාව මේ වනවිටත් මූලික කටයුතු සිදුකරමින් සිටින බවයි.