Wednesday, May 1, 2024

General line - 0115112241

ඉන්දියාව, අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියෙකුගේ ඩී එන් ඒ ඉල්ලයි




සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගිය බව එරට බලධාරීන් විසින් තහවුරු කර තිබෙනවා. අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවේදී ප්‍රදීප් සිං නමින් ව්‍යාජ හැඳුනුම්පතක් සකසාගෙන සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

මෙරට තුළ අපරාධ සිදු කර විදේශ රටවලට පලා ගිය පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රතු නිවේදන 129 ක් සහ නිල් නිවේදන 87 ක් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.