Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් ක්‍රිකට් පෙරලියක්




ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ කථාබහක් මතුව තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රීයේ නිමාවූ ලෝකප්‍රකට අබුඩාබී ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්. 

මෙම තරගාවලියේ ශූරතාව දිනා ගත්තේද ඔවුන් දෙදෙනා නියෝජනය කළ නෝදර්න් වෝරියස් කණ්ඩායමයි. එම කණ්ඩායමට ශූරතාව දිනා දීම වෙනුවෙන් මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් පන්දුවෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වුවා. ලෝකප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට අතිශයෙන් සමාන ඉරියව්වකින් පන්දු යවන මහේෂ් තීක්ෂණ අවසන් මහා තරගයේදී ලකුණු 14කට කඩුලු 03ක් බිඳ හෙලුවා. තවමත් 20වන වියේ පසුවන ඔහුගේ මෙම විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබී ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා සම්මානයද හිමිවුණා. 

තවමත් 22වන වියේ පසුවන ධනංජය ලක්ෂාන්ද විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 14කට කඩුලු දෙකක් බිඳ හෙලුවා.