Sunday, May 5, 2024

General line - 0115112241

දුෂ්මන්ත චමීර කිලෝමීටර් දෙකේ අභියෝගය ඉහලින්ම ජය ගනී




මූලික සංචිතයේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටියා. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී. 

ක්‍රීඩකයින් 31 දෙනෙකු ඊට එක් වූ අතර ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක් වූයේ නැහැ. 

කුසල් මෙන්ඩිස් ද අද එක් නොවූයේ ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වීම හේතුවෙන්. කොරෝනා ආසාදනය වූ ලහිරු තිරිමාන්නද මෙම ශාරිරික යෝග්‍යාතා පරීක්ෂණයට එක් වුයේ නැහැ.

මෙම ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයේදී ක්‍රීඩකයින්ට කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35කින් දිවීමේ අභියෝගයක් හිමි වුණා. 

එම පරිසාධන මට්ටම ඉහළින්ම පසු කර ඇත්තේ දුෂ්මන්ත චමීරයි. ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකු හැරුණු විට සෙසු ක්‍රීඩකයින් සියලූ දෙනා එම පරිසාධන මට්ටම සමත් වී තිබෙනවා.