Saturday, May 4, 2024

General line - 0115112241

කැනඩාව ඉන්දියාවෙන් කොරෝනා වැක්සීන් ඉල්ලයි




කොරෝනා වැක්සීන් ලබාදෙන ලෙස කැනඩාව ඉන්දියාවෙන් කළ ඉල්ලීමකට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තාවේ. දුරකතනයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමතූ කැනඩා අගමැති ජස්ටින් ට්‍රඩෙව් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි සදහන් වේ.

එහිදී කඩිනමින් කැනඩාව වෙත කොරෝනා වැක්සීන් තොගයක් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එකගත්වය පළ කර ඇතැයි සදහන් වේ.

කැනඩාව ලෝකයේ විවිධ සමාගම්වලින් කොරෝනා එන්නත් මිලියන 200 ක් පමණ ඇණවුම් කර ඇතත් සැපයුම් ප්‍රමාදය හේතුවෙන් එන්නත්කරණය බාධා මතුව ඇතැයි එරට වාර්තා සදහන් කරයි.

මේ වන විටත් කැනඩාවේ යළි කොරෝනා රැල්ලක් හට ගැනීමේ අවදානමක් මතුව ඇති අතර තවමත් එරට තුළ එන්නත් ලබාදීමට හැකිවී ඇත්තේ මිලියනයකට පමණයි.

මේ පසුබිම හමුවේ අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර ඉන්දීය අගමැතිවරයාගේ යහපත් ප්‍රතිචාරයෙන් පසු කැනඩා අගමැතිවරා සදහන් කර ඇත්තේ කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ඉන්දියාව දක්වන දායකත්වය සමස්ත ලෝකයට අතිශය වැදගත් සහ තීරණාත්මක බවයි.