Friday, May 10, 2024

General line - 0115112241

ඔක්ස්ෆර්ඩ් එන්නත දරුවන්ටත් සුදුසුදැයි සොයා පර්යේෂණ




ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත කුඩා දරුවන්ට ද එන්නත් කිරීම සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අවදානය යොමුව තිබෙනවා. ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත දරුවන්ට ලබා දීම සුදුසු දැයි තහවුරු කර ගැනීම සදහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

අදාල එන්නත දරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරෙන පලමු අවස්තාව මෙය වනවා. ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් දරුවන්ට හිමිවන ආරක්ෂාව සහ ප්‍රතිශක්තිකරණ පිලිබද එම අධ්‍යයනයේදී සොයා බැලෙනු ඇති.

සායනික පර්යේෂණවලින් අධ්‍යයනය කෙරෙන්නේ ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුරුදු 6 සිට අවුරුදු 17 දක්වා වයස් සීමාවේ පසුවන දරුවන්ට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් බවයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ප්‍රකාශ කර ඇත්තේ. එම අධ්‍යයනයේ පලමු අදියර මේ මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. අධ්‍යයනය සදහා 300 ක පමණ පිරිසක් ස්වේචාවෙන් ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් වාර්තා අනාවරණ කළා. 

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව නිපදවූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මේ වනවිට ලොව රටවල් රැසක් භාවිත කරන කොරෝනා මර්දන එන්නතයි. 

පහසු මිල, පහසුවෙන් ගබඩා කල හැකිවීම මෙන්ම පහසුවෙන්ම ප්‍රවාහනය කලහැකි වීම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොවපුරා ජනප්‍රිය වීමට බලපා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් වනවා. එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නත, එන්නත්කිරීමේ වැඩසටහන් මේවනවිටත් ලොවපුරා රටවල් රැසක ක්‍රියාත්මකයි.