Friday, May 10, 2024

General line - 0115112241

සුනාමියේ දස වසර අභියස ජපානයට ප්‍රභල භූකම්පනයක් : මෙරට භූකම්පන මාපකවලත් ප්‍රභලත්වය සටහන් වෙයි




ජපානයේ සුප්‍රකට ෆුකුෂිමා ප්‍රදේශයේ යළි ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපංකයේ ඒකක 7.3ක්. භූකම්පනයේ ප්‍රබලත්වය ටෝකියෝ නගරයටද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම භූකම්පනය හේතුවෙන් නිවාස ලක්ෂ 10ක විදුලි සැපයුම විසන්ධි වී තිබෙනවා. 

භූවිද්‍යා කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ අංශය සඳහන් කලේ ජපානයේ සිදුවූ භූකම්පනයේ ප්‍රබලත්වය මහකනදරාව, පල්ලෙකැලේ, හක්මන සහ බුද්ධංගල ප්‍රදේශවල පිහිටි භූකම්පන මාපක වලද සටහන්ව තිබු බවයි.      

ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශයේ මෙම ප්‍රබල භූ කම්පනය හට ගෙන ඇත්තේ 2011 වසරේ එම ප්‍රදේශයේ ඇති වු ප්‍රබල භූකම්පනයේ දසවන සැමරුම ආසන්නයේයි. මෙම භූකම්පනයද හට ගෙන ඇත්තේ එම භූකම්පනය හට ගත් වෙරළ තීරයේමයි. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ නව භූකම්පනය 2011 වසරේ ඇති වු දැවැන්ත භුකම්පනයේම පසු කම්පනයක් බවයි.

2011 වසරේ ඇති වු එම භූකම්පනයෙන් සූනාමි තත්ත්වයක්ද හට ගත් අතර පුද්ගලයින් 18,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි වුණා. එහිදී ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයට ද හානී සිදු වු අතර එම සිද්ධිය ලොව පුරා දැඩි කථාබහකට ලක්වුණා. එය සැලකෙන්නේ 1986 දී චර්නොබිල් ව්‍යසනයෙන් පසු ලොව සිදුවූ දරුණුතම න්‍යෂ්ටික අනතුර ලෙසයි.