Friday, May 10, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් නිසා නවසීලන්තයේ ප්‍රධාන නගරයක් අගුළු දමයි




අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය දින 03 ක කාලයක් සඳහා සම්පුර්ණයෙන් අගුළු දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ නව කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමගයි.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ඒඩ්ඩ්‍රන් මේ බව නිවේදනය කළේ පැවති හදිසි කැබිනට් රැස්වීමකින් අනතුරුවයි. එමෙන්ම කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීමේ මට්ටම 02 වන අදියර දක්වා ඉහළ දැමීමට බලධාරීන් පියවර ගනු ලැබුවා.

ඒ ජනතාව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සමාජය තුල වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානමක් පවතින බවට දැනුම් දෙමින්. 

" නව ආසාදිතයින් වාර්තා විම ප්‍රශ්න සහගතයි. මෙය ඉතා ප්‍රවේසමෙන් හැසිරවිය යුතුයි. මන්ද මෙම වෛරසය දරුණු ප්‍රභේද වලින් එකක් වුවද විය හැකි" නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

දකුණු දිග ඕක්ලන්ඩ් හි පදිංචි එකම පවුලේ මව, පියා සහ දියණියට වෛරසය ආසාදනය වී ඇති බවට ඉරිදා උදෑසන තහවුරු වී තිබෙන අතර ඔවුන්ට වෛරසය ආසාදනය වුයේ කෙසේ ද යන්න මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවයි එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.