Thursday, May 2, 2024

General line - 0115112241

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි තවත් බලපෑමක් ගැන අනාවරණයක්




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී ඒකමතික යෝජනාවකට ගොදුරු නොවී සිටිමට ශ්‍රී ලංකාව වගබලා ගත යුතු බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ මෙරට ස්ථාවරය ආරක්ෂා කර ගැනීම මෙන්ම, අපට බලපෑම් එල්ල කළ හැකි රටවල් උපයෝගී කර ගන්නා ආකාරය ද ශ්‍රී ලංකාවට මෙවර වැදගත් වනු ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්‍ෂ ශමේන්ද්‍ර වික්‍රමාරච්චි.