Wednesday, May 1, 2024

General line - 0115112241

මැදපෙරදිග රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ටී කේ ජී කපිල




මැදපෙරදිග රටවලට රැකියා සදහා ගොස් සිටියදී, හාම්පුතුන් අතින් විවිධ හිංසාවන්ට ලක්ව, දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 389 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වෙත අද අලුයම ලගා වූ විශේෂ ගුවන් යානා 02 කින් එම පිරිස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

එලෙස පැමිණි ගුවන් මගීන් සියලුදෙනා යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බව ද නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.