Sunday, May 5, 2024

General line - 0115112241

LPL තරඟාවලියට එක්වූ කණ්ඩායමක හිමිකරුවෙකු අත්අඩංගුවට : සිදුවීම ගැන ක්‍රිකට් ආයතනයත් කතා කරයි




ඉකුත් වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ දඹුල්ල වයිකින් කණ්ඩායමේ හිමිකරු වන සචින් ජෝසි නමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බැංකුවකින් ඉන්දීය රුපියල් කෝටි 400 කට අධික ණය මුදලක් ලබාගෙන එහිදී ඇති වූ නීතිමය ගැටළුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවකට අදාළවයි.

මුදල් විශුද්ධීකරණ වැළක්වීමේ පනත යටතේ සිදුකළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඉන්දීය චිත්‍රපට රංගන ශිල්පියෙකු සහ ව්‍යාපාරිකයෙකු වන දඹුල්ල වයිකින් කණ්ඩායමේ හිමිකරු සචින් ජෝසි, මුම්බායිහි පිහිටි ව්‍යාපාර සමූහයකට එරෙහිව මුදල් විශුද්ධීකරණය කිරීමේ නඩුවකට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. මේ, ඒ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක්වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්‍ෂ රවීන් වික්‍රමරත්න.