Sunday, May 5, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් විරෝධයක්




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට විරෝධය පළ කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පැරිස් නුවරදී ඊයේ විරෝධතාවක නිරත වුණා. විරෝධතාවට එක් වූ ශ්‍රී ලාංකිකයින් එහිදී සදහන් කළේ ප්‍රංශයේ ඇතුළු ලොවපුරා සිටින එල් ටී ටී ඊ හිතවාදීන් යුද අපරාධ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවයි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට විරෝධය පළ කරමින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවලදී තවත් විරෝධතා සංවිධාන කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදීද එක්සත් ජාතින්ගෙන් මානව හිමිකම් කොමිසම මෙරටට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් සංවාදයට ලක් කෙරුණා. මේ, එහිදී අදහස් පළ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය ලබන 22 වනදා ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතයි.