Sunday, May 5, 2024

General line - 0115112241

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට එන්නත් කිරීම සති අන්තයේ




කොරෝනා මර්දන එන්නත, එන්නත්කරණ කටයුතු සිදුකරනු ලැබූ ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සතිඅන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද දිනයේද බස්නාහිර පළාත තුළ අවදානම් ප්‍රදේශවල එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන හා හංවැල්ල යන ප්‍රදේශවල මෙම එන්නත ලබාදීමේ කටයුතු සිදුකෙරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, පානදුර, හොරණ හා මතුගම සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, ජා-ඇල, කැලණිය, කටාන, දිවුලපිටිය හා දොම්පේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල තෝරාගත් ග්‍රාමසේවා නිලධාරි වසම්වල ද අද එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා. 

මේ අතර පෑලියගොඩ මැනිං වෙළදපොලේ වෙළදුන් සදහාද කොරෝනා මර්දන එන්නත ලබාදීමේ කටයුතු අද සිදුකෙරුණා.