Sunday, May 5, 2024

General line - 0115112241

චීනය දුප්පතුන් නැති රටක් වෙයි




චීනය දුප්පතුන් නොමැති රටක් බවට පත්ව තිබෙනවා . ඒ චීනය දරිද්‍රතාවය තුරන් කල රටක් ලෙස ඔවුන් විසින්ම ප‍්‍රකාශයට පත් කර ගැනීමත් සමගයි. විදෙස් වාර්තාවන්ට අනුව චීනයේ බීජිං නුවර පැවැති රැස්වීමකදී එරට ජනාධිපති සී ජින්පින් පවසා ඇත්තේ සිය රට ග‍්‍රාමීයව වෙසෙන ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ සටන ජයගත් බවයි.

ඒ අනුව සී ජින්පින්ගේ පාලනය යටතේ පසුගිය වසර 8  ක කාලය තුල එරට වැසියන් මිලියන 1000 ක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එය පාලක කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය වෙනුවෙන් එම පක්ෂය සිය ජනතාවට ලබාදුන් ත්‍යාගයක් ලෙසයි සැලකෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව රටවල් රැසක් ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන අවස්ථාවක චීනය දුප්පතුන් නොමැති රටක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක්. කොරෝනා වෛරසය ආරම්භ වූයේද චීනයෙන් බවටයි මේවනවිටත් ලොව පිලිගත් මතය වී ඇත්තේ.