Sunday, May 5, 2024

General line - 0115112241

අගසව් තනතුරු පිරිනැමුණු නවම් පුර පසලොස්වක පොහොය අදයි - නෙත් ශ්වේත පූජා මාතලේදී




බුදුරජාණන් වහන්සේ, සැරියුත් සහ මුගලන් මහා රහතන් වහන්සේට අගසව් තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පළමු ධර්ම සංගායනාව පැවැත්වීම ද අද වන් නවම්පුර පුර පසළොස්වක පොහොය දිනයක සිදුව තිබෙනවා.

ඒ පිළිබද කරුණු දැක්වූ කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ.

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ.

මේ අතර නවම්පුර පසලොස්වක පෝදා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා මාතලේ, පල්ලෙපොල, කන්දෙවත්ත 

ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. එම වැඩසටහන අද උදෑසන 06ට ආරම්භ කෙරුණේ උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීමෙන් අනතුරුවයි. ඒ පිළිබද නවතම තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. 

නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන සදහා සුගත රසායනාගාරය අනුග‍්‍රහය දක්වනවා.