Sunday, May 5, 2024

General line - 0115112241

එන්නත්කරණ වැඩපිළිවෙලට ජනතාවගේ සහය අත්‍යාවශ්‍යයි - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන 




කොවිඞ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය වන බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මේ දිනවල එන්නත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බස්නාහිර පළාතේ ඇතැම් එන්නත්කරණ මධ්‍යස්ථානවල තදබදය හේතුවෙන් ඇතැම් ස්ථානවල උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා. 

වයස අවුරුදු 18 ට වැඩි සියළු දෙනාට කොරෝනා මර්දන එන්නත ලබාදීමට තීරණය කර ඇති බැවින් ජනතාව ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පළමු එන්නත් මාත‍්‍රා ලබාදුන් පුද්ගලයන්ට දෙවනුව ලබාදෙන්නේද ඒ හා සමාන එන්නත් මාත‍්‍රාවක් බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවා. ඒ අනුව මේ වනවිට මෙරටට ගෙන්වා ඇති ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මාත‍්‍රා ලක්ෂ 10 පුද්ගලයින් ලක්ෂ 10 කට පළමු එන්නත ලෙස ලබාදීමට කටයුතු කරන බවයි ඔහු නෙත් නිවුස් වෙත සදහන් කළේ.