Monday, April 29, 2024

General line - 0115112241

ගෑස් මිල වැඩි කරනවාද? රජයෙන් විශ්ලේෂණයක්




ගෑස් සමාගම් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කළද ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රජය අද ප්‍රකාශ කළා.  ලෝක වෙළඳපලේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් ගෑස් සමාගම් ද අර්බුදයට ලක්ව ඇති බවයි ගෑස් සමාගම් සදහන් කර තිබුණේ.

කෙසේවෙතත් ගෑස් මිල ඉහළ නැංවීම පිළිබද විශේලේෂණයක් සිදුකර තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සදහන් කළේ.