Sunday, April 28, 2024

General line - 0115112241

අවුන් සාන් සුකීට මියන්මාර හමුදාවෙන් දූෂණ චෝදනා




බලයෙන් නෙරපා හරින ලද අවුන් සාන් සුකීට මියන්මාර හමුදාව විසින් දූෂණ චෝදනා එල්ල කර තිබෙනවා. ඒ, නීතිවිරෝධී ලෙස අමෙරිකානු ඩොලර් හයලක්ෂයක මුදලක් සහ රත්‍රං ලබාගත් බවටයි. පසුගිය පෙබරවාරි පළමුවනදා අවුන් සාන් සුකී ප්‍රමුඛ මියන්මාර රජය පෙරළා දැමීමෙන් පසු එරට හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රබලම චෝදනාව මෙය වනවා. නමුත් එම චෝදනාව තහවුරු කිරීම සඳහා මියන්මාර හමුදාව විසින් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, මියන්මාරයේ බලය නැවතත් අවුන් සාන් සුකීට ලබාදිය යුතු බවට, ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විශේෂ හමුවකදී යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.