Friday, May 10, 2024

General line - 0115112241

කොරෝනා එන්නත් බිලිනයක් ආසියාවට




කොරෝනා මර්ධනයට එරෙහි එන්නත් සම්බන්ධයෙන් ආසියානු කලාපයේ ජනතාවට සුභ පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ, එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එකගතාව පළ කිරීමත් සමගයි. මෙම පහසුකම් හිමි වන්නේ ගිණිකොන දිග ආසියානු රටවලටයි. ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙම එන්නත් ජනතාව වෙත ලබා දෙනු ඇති. 

එන්නත් නිපදවීම සිදු කරන්නේ ඉන්දියාවයි. තාක්ෂණය අමෙරිකාවෙන්. මූල්‍ය සහය ජපානය හා අමෙරිකාව විසින් දරුණු අතර භාණ්ඩ ප්‍රවාහනය සිදු කරන්නේ ඕස්ට්‍රේලියාවයි. 

මෙහිදී නිපදවීමට අපේක්ෂා කරන්නේ එක් වරක් පමණක් භාවිත කිරීම ප්‍රමාණවත් බවට පැවසෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා මර්ධන එන්නතයි. මෙම එන්නත් ගිණිකොණ දිග ආසියානු රටවල ජනතාවට පමණක් නොව ඉන් පිටත රටවල ජනතාවටද ලබා දීම අපේක්ෂාව බවයි අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසා ඇත්තේ.