Friday, May 10, 2024

General line - 0115112241

ලොව ඉහළම උසින් යුත් දුමිරිය පාලම මේ වසරේදී විවෘත කෙරේ




ඉන්දියාවෙි ඉදිකර ඇති ලොව ඉහළම උසකින් යුත් දුමිරිය පාලම මේ වසරේ දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබේ.

ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ චෙනාබ් ගංගාවට ඉහළින් මෙම පාලම ඉදිකර තිබේ. එය ගංගාවේ ජල මට්ටමේ සිට මීටර 359 ක උසකින් යුක්ත වන අතර වැයකොට ඇති මුදල ඉන්දීය රැපියල් කෝටි 1250 කි.

මෙම පාලම මතින් පැයට කිලෝමීටර් 250 ක පමණ වේගයකින් දුමිරිය ධාවනය කිරීමට හැකියාව ඇති බවද සදහන් වේ.