Friday, May 10, 2024

General line - 0115112241

අමෙරිකාවේ සම්බාහන මධ්‍යස්ථාන 03 කට වෙඩි




අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ, ඇට්ලන්ටා නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන 03 කදී සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙක් ආසියානු සම්භවයක් ඇති කාන්තාවන් බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඉන් සිව්දෙනෙකු කොරියානු සම්භවයක් සහිත පුද්ගලයින් බව දකුණු කොරියාව තහවුරු කර තිබෙනවා. වෙඩි තැබීම් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීම් සියල්ල සිදුකර ඇත්තේ සැකකරු බවටයි විශ්වාස කෙරෙන්නේ.

ප්‍රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. කෙසේවෙතත්, ප්‍රහාර එල්ල කර ඇත්තේ ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් ඉලක්ක කර බවට විශ්වාස කෙරෙනවා.