Thursday, May 2, 2024

General line - 0115112241

මහමගදී ලොරි රථ රියදුරෙකුට පහර දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට




මහමගදී ලොරි රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය  සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. 

අදාළ රියදුරා පැදවූ ලොරි රථයේ ගැටුණු මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.