Friday, May 10, 2024

General line - 0115112241

චීන කොවිඩ් එන්නත මෙරට පුද්ගලයින්ටත් ලබාදීමට අවධානය යොමු වෙයි




චීනයේ නිෂ්පාදනය කෙරෙන සිනොෆාම් එන්නත බස්නාහිර පළාතෙන් පිට දිස්ත්‍රික්කයක ජනතාව සඳහා ලබා දීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා. කෙසේ වෙතත්, සිනොෆාම් එන්නත මෙරට ජනතාවට ලබාදීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවිය යුතු බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළේ.

මෙම එන්නත ආයෝජන කලාපවල සිටින පුද්ගලයින්ට ද ලබාදීමට අවධානය යොමුව ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.