Friday, May 10, 2024

General line - 0115112241

දේශපාලන පක්ෂ 04 කට මැතිවරණ කොමිසමෙන් රතු එළි




2019 වර්ෂයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු විගණනය කළ ගිනුම් වාර්තා ලබානොදුන් දේශපාලන පක්ෂ 4ක් මේ වන විට හදුනාගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම දේශපාලන පක්ෂවල නියෝජිතයින් අප්‍රේල් මස 22 දින එම කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ. එදින අදාළ විගණන වාර්තා ලබාදීමට එම දේශපාලන පක්ෂ 4 අපොහොසත් වුවහොත් එම පක්ෂ පිළිගැනීම අත්හිටුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

මේ අතර දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කොට ඇත්ද යන්න සහ එම පක්ෂවල ව්‍යවස්ථාවලටද එවැනි වගන්ති ඇතුළත්ව ඇත්දැයි සොයා බැලීම ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. ඒ පිළිබද සොයා බැලීමට අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත්කර තිබෙනවා. එම කාර්යයන් අධික්ෂණය කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සහ ලේකම්වරයාද පත්කර ඇති බවයි එම කොමිෂන් සභාව සදහන් කළේ.