Friday, May 10, 2024

General line - 0115112241

කෝටියක කුඩු මරදානේ පාලු නිවසකින් සොයාගැනේ




මරදාන ලොගට් පටුමගේ කඩා ඉවත් කරන ලද නිවසක තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදු කළ මෙහෙයුමකදීයි.

අදාළ ස්ථානයේ තිබී සැකකරුවෙකු නොමැති හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 78 ක් සොයාගැනුණු බවයි පොලිසිය පැවසුවේ. එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.