Friday, May 10, 2024

General line - 0115112241

මැතිවරණ ව්‍යුහයේ අඩුපාඩු සැකසීම සඳහා අගමැතිගේ යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට




දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කර ඇති යෝජනාව ලබන 05 වන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසුවේ එම යෝජනාව එදින පස්වරුවේ සභාව කල් තැබෙන අවස්ථාවේදී සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අදාළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති. කථානායකවරයා විසින් එම තේරීම් කාරක සභාව පත් කිරීමෙන් පසු මාස 06ක් ඇතුළත තම නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව යෝජනාවේ සඳහන් වන බව ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළා. දැනට පවතින මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති වල පවතින අඩුපාඩු හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීම මෙම කාරක සභාවේ වගකීම වනවා.