Friday, May 10, 2024

General line - 0115112241

කෝටි 22 රත්තරන් සමග ගුවන්තොටුපල සේවකයෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල




රුපියල් කෝටි 22 වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 17 ක් කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර  ගුවන් තොටුපළෙන් රැගෙන යෑමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගුවන්තොටුපල පිරිසුදු කිරීමේ සමාගමක සුපරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි මූළික පරක්ෂණයේඳී හෙලි වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් වනවා. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.