Friday, May 10, 2024

General line - 0115112241

දින 03ට යතුරුපැදිකරුවන් 9000කට වැඩ වරදියි




යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා පොලිසීය විසින් දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුමක දී 8,957 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ, මාර්තු 31 සිට අප්‍රේල් 01 වනදා දක්වා කාලය තුළයි. අදාළ මෙහෙයූම්වලින් යතුරුපැදි 295ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ඉකුත් 31 වනදා ආරම්භ කරන ලද මෙම මෙහෙයුම් අද දිනයේද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.