Friday, May 10, 2024

General line - 0115112241

වෙළෙඳපොළේ ඇති පොල් තෙල් පරිභෝජනය සඳහා ඉතා භයානකයි - මන්ත්‍රී විජේදාස රාජපක්ෂ




පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පල වනවා. මේ, රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ඒ සම්බන්ධයෙන් පල කලේ මෙවන් අදහසක්.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මෙවැනි චෝදනාවන්ට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ද පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සම්බන්ධයෙන් අදහස් පල කලා.

අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ද මේ සම්බන්ධයෙන් අදහස් පල කලේ මෙලෙසයි. 

මේ අතර, දැනට වෙළෙඳපොළේ ඇති පොල් තෙල් පරිභෝජනය සඳහා ඉතා භයානක සහ අනතුරුදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ ඉකුත් මාර්තු මස 25 සහ 26 යන දිනවල ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් විවෘත වෙළෙඳපොළෙන් ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 55 අතරින් මෙම කරුණු හෙලි වී ඇති බවයි.

සාම්පල් පරීක්ෂාව අංශු බිලියනයකට ඇෆ්ලටොක්සීන් කොටස් ගණනය කිරීමේ ක්‍රමය මගින් සිදුකර ඇති බවත් පොල් තෙල්වල අංශු බිලියනයකට ඇෆ්ලටොක්සීන් අංශු 10කට වඩා වැඩිනම් එය ඉතා බරපතළ ගණයේ මිනිස් සිරුරට පිළිකා කාරක සපයන්නක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. අදාල පරීක්ෂණය අනුව අංශු 17 දශම 9 ක් වැනි ඉතාමත්ම භයානක මට්ටමකට පිළිකා කාරක අන්තර්ගත වූ පොල් තෙල් සාම්පල් ද පැවැති බවට නිගමනය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ.

කෙසේ වෙතත්, පොල් සංවර්ධන අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය මේ වන විටත් තහවුරු කර ඇත්තේ වෙළඳපොලේ පවතින පොල් තෙල් සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය ලෙස බියක් ඇතිකර නොගත යුතු බවයි.