Monday, May 6, 2024

General line - 0115112241

විෂකාරක පොල්තෙල් පිටුපස පාම් තෙල් සමාගම්




පොල්තෙල්වල විස කාරක ඇති බවට මතවාද පතුරුවා හැරීම පිටුපස පාම් ඔයිල් සමාගම් සිටින බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ පාම් ඔයිල් බද්ද වැඩි කර පොල්තෙල් බද්ද අඩු කිරීමට රජය ගත් පියවර හේතුවෙන් පාම් ඔයිල් සමාගම් මෙවැනි මතවාද සමාජගත කර ඇති බවයි. විස කාරක පොල්තෙල් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම අදහස් පළ කළා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන.

මේ අතර, ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයක් අන්තර්ගත බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් 06 ක් ප්‍රතිඅපනයනය සඳහා රේගුව විසින් අද කොළඹ වරාය වෙත ගෙනවිත් තිබෙනවා.