Sunday, May 5, 2024

General line - 0115112241

මෙවර සාපෙළ ලියූ සිසුන් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වූ ඔලුවිල් ප්‍රදේශයේ දෙදෙනෙකු අත්අඩංගුවට




මූලධර්මවාදී සහ අන්තවාදී දේශන පැවැත් වූ  තවත් සැකකරුවන් දෙදෙනෙකු ඔලුවිල් ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2018 වසරේ දෙසැම්බර් මාසයේදී අදාළ සැකකරුවන් විසින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසකට මෙම දේශන පවත්වා ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

අදාළ දේශණ පැවැත්වීමට පෙර ඊට සහභාගි වූ සිසුන්ට ඔවුන්ගේ අකමැත්තෙන් විවිධ ශාරීරික අභ්‍යාස ලබාදී ඇති බවටද තොරතුරු වාර්තාවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.