Wednesday, May 8, 2024

General line - 0115112241

නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවෙන් සමුද්‍ර පරිසරයට සිදුවූ හානිය ගණනය කළේ අන්තර්ජාතික ක්‍රමවේදයන්ට අනුකූලවයි - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය




මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවෙන් සමුද්‍ර පරිසරයට සිදුවූ හානිය ගණනය කළේ අන්තර්ජාතික ක්‍රමවේදයන්ට අනුකූලව බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ විශේෂඥයින් 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් එම ගණනය කිරීම් සිදුකළ බවයි. අදාළ නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 3.432 ක වන්දි මුදලක් ගෙවන ලෙස නීතිපතිවරයා විසින් අදාළ නෞකාව අයත් සමාගම වෙත දැනුම් දී ඇති බව ඊයේ අනාවරණ වුණා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අදාළ ගණනය කිරීම් සිදුවූ ආකාරය පිළිබඳ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය කරුණු දැක්වූයේ මෙලෙසයි. 

කිසියම් ආකාරයකින් ඔවුන් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් ගන්නා ඉදිරි පියවර කුමක්ද? 

මේ අතර අදාළ තෙල් කාන්දුව සිදුවූ ප්‍රදේශය ඉදිරි වසර 05 ක කාලය පුරා පරීක්ෂාවට ලක් කෙරෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.