Monday, May 6, 2024

General line - 0115112241

වසරේ වැඩිම අනතුරු සිදුවන සතිය ගැන පොලිසිය සීරුවෙන්




උත්සව සමය ඉලක්ක කර ගනිමින් අද සිට රට පුරා විශේෂ මෙහෙයම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ පවසනවා. නිරෝධායන රීතී උල්ලංඝනය කරන පුද්ගලයින් සහ ආයතන පිළිබඳ සොයා බැලීම ඒ අතරින් ප්‍රධානයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නිල ඇදුමෙන් මෙන්ම සිවිල් ඇදුමෙන්ද පොලිස් නිලධාරීන් ඒස සඳහා යොදවා ඇති බවයි.

රිය අනතුරු වලක්වා ගැනීම සඳහාද පැය 24පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියේ මෙවර අවුරුදු සමයේ ජනතාව වැඩි අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් පවතින බවයි.

උත්සව සමයේ සිදුවිය හැකි රිය අනතුරු ඉහළ යාම හා කොවිඩ් පැතිරීම පාලනය මෙම විශේෂ පොලිස් මෙහෙයුමේ අරමුණ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.