Thursday, April 25, 2024

General line - 0115112241

මංගල සමරකෝන්ට වාසනාව අහිමි වෙයි




ඔලිම්පික් වෙඩි පිටියේදී ශ‍්‍රී ලාංකික පළමු බලාපොරොත්තුව අද (08) බොඳවී ගියා. ඒ, මීටර් 10 වායු රයිෆල් පිරිමි ඉසව්වට තරග වැදුනු මංගල සමරකෝන් අවසන් වටයට පිවිසීමට අසමත් වීම නිසයි.

මෙම ඉසව්වේ මූලික වටයේ තරග ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස 05.30 ට පමණ ආරම්භ වුණා. ඊට සහභාගී වූ ක‍්‍රීඩකයින් 50 දෙනෙකු අතරින් මංගල සමරකෝන්ට හිමි වූයේ 50 වැනි ස්ථානයයි. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 589.06 ක් වුණා.

මූලික වටයේ තරගවලින් අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේ ක‍්‍රීඩකයන් 08 දෙනෙකු පමණයි. පළමු ස්ථානය ලබාගත් ක‍්‍රීඩකයා ලකුණු 630.02 ක් ලබා ගත්තා. එය නව ඔලිම්පික් වාර්තාවක්ද වනවා. 08 වන ස්ථානය ලබාගත් ක‍්‍රීඩකයා ලබාගත් ලකුණු සංඛ්‍යාව 625.05 ක්. ඔහු සහ මංගල සමරකෝන් අතර ලකුණු පරතරය 35.09ක් වුණා.

මංගල සමරකෝන් 2012 ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදීද මීටර් 10 වායු රයිෆල් ඉසව්වට තරග වැදුනු අයෙක්. එහිදී ක‍්‍රීඩකයන් 47 දෙනෙකු අතරින් 45 වන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වුණා. කෙසේවෙතත් එවර ඔහු ලබාගත්තේ ලකුණු 583 ක් පමණයි. අද දැක්වූ දක්ෂතාව ඊට වඩා ලකුණු 06.06 ක් ඉදිරියෙන් තිබුණා.

samara 700