Monday, April 29, 2024

General line - 0115112241

නැකැත් සීට්ටුවට අළුතින් එක්වූ පැළ සිටුවීමේ නැකත අද




අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අළුතින් එක්වූ පැළ සිටුවීමේ නැකත අදට යෙදී තිබෙනවා. ඒ, උදෑසන 06 යි 40 ටයි. අද දිනයේදී පැළයක් රෝපණය කර ජීවීන්ට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරගැනීමට දායක වන ලෙස සියළුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. 

මේ අතර, බොහෝදෙනෙකුගේ අවධානයට ලක් නොවන, අළුත් අවුරුද්දේ නව සඳ බැලීමේ චාරිත්‍රය ද අදට යෙදී තිබෙනවා. එම චාරිත්‍රය ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු දැක්වූ ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත.

පැරැන්නන් නව සඳ බැලීමේ චාරිත්‍රය ඉටු කළ ආකාරය ද මෙහිදී පැහැදිලි කෙරුණා.