Monday, April 29, 2024

General line - 0115112241

දිල්ලි කැපිටල්ස් පරදා රාජස්ථාන් රෝයල්ස් ජය අත්කර ගනියි




ඉන්දියන් ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් කඩුලු 03 ක ජයක් අත්කරගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින්. එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා. නායක රිෂාබ් පාන්ට් ලකුණු 51 යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 කදී කඩුලු 07 කට ලකුණු 150 ක් රැස් කරමින් තරඟයේ ජය වාර්තා කළා. ඩේවිඩ් මිලර් පන්දු 43 කදී ලකුණු 62 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වුණා.