Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය ප්‍රබල තැනක




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 39 ක් අවසානයේ කඩුළු 2 ක් දැවී ලකුණු 152 ක් රැස්කර ගෙන සිටියා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ තමීම් ඉක්බාල් ලකුණු 90 යි. නජ්මුල් හුසේන් නොදැවී ලකුණු 51 ක් රැස්කර ගෙන සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ලට ගොඩනැගුණු සබදතාව ලකුණු 144 ක්. බංග්ලාදේශ ඉනිමේ බිද වැටුණු කඩුළු 2 කම දවා ගත්තේ විශ්ව ප්‍රනාන්දුයි.