Monday, April 29, 2024

General line - 0115112241

ඩොලරය ඉදිරියේ රුපියලේ ශක්තිය දින දෙකකින් බිඳ වැටේ




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද යලිත් වරක් 200 සීමාව ඉක්මවා ගියා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින අමෙරිකානු ඩොලරයක විකුණුම් සටහන් වූයේ රුපියල් 200.90 ක් ලෙසියි. කෙසේ වෙතත් ඉකුත් දින දෙකේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව තිබුණා.

ඒ, 200 සීමාවට වඩා අඩු අගයක් ගනිමින්. වෙළෙඳපොළෙහි ඩොලර් සඳහා ඇති ඉල්ලුම අඩුවීම එලෙස රුපියල ශක්තිමත් වීමට හේතු වී තිබූ බවයි වාර්තා වුණේ.

පෙරේදා දිනයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 191.97 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ දිනයේ රුපියල් 195.21 ක් ලෙස සටහන් වුණා. එම දින දෙක සැලකුණු මේ දක්වා අප්‍රේල් මාසය තුලදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 200 සීමාවට වඩා අඩු වූ දින දෙක ලෙසයි.