Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ආ බංග්ලාදේශ ක්‍රීකට් පිලෙන් නොසිතූ ප්‍රහාරයක්




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නොසිතූ අභියෝගයක් එල්ල කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා. ඒ, පළමු දිනය නිමා වන විට කඩුලු දෙකක් පමණක් දැවී සිය පළමු ඉනිමට ලකුණු 302ක් රැස් කර ගනිමින්. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම දිනය නිමාවන විට කඩුළු 2 ක් දැවී ලකුණු 302 ක් රැස්කර ගෙන සිටියා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නජ්මුල් හුසේන් නොදැවී ලකුණු 126 ක් රැස්කර ගෙන සිටිනවා. තමීම් ඉක්බාල් ලකුණු 90 යි. නායක මොමිනුල් හක් නොදැවි ලකුණු 64ක් රැස් කර ගෙන සිටිනවා. බංග්ලාදේශ ඉනිමේ බිද වැටුණු කඩුළු 2 කම දවා ගත්තේ විශ්ව ප්‍රනාන්දුයි.