Monday, April 29, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් 578ක් : මාස දෙකකට පසුව වැඩිම ආසාදිතයින් ගණන අද වාර්තා වෙයි




අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 578 දෙනෙකු මෙරටින් හඳුනා ගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. මෙරටින් ආසාදිතයින් 500 ඉක්මවා අද දිනයේ වාර්තා වුයේ මාස දෙකකට පසුව වීම විශේෂත්වයක්. 

අවසන් වරට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවා වාර්තා වී ඇත්තේ ඉකුත් පෙබරවාරි මස 22 වෙනිදායි. එදින වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 518ක් වන අතර ඉන් 490ක් දේශීයව හඳුනා ගත් අයවළුන් වන අතර සෙසු 28 දෙනා විදේශගතව සිට පැමිණි අයවළුන් වුවා.

අද වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 98,050ක් වන අතර දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 3,752ක් වනවා. මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 93,668ක් වනවා.

මේ අතර වයස අවුරුදු 39ක පුද්ගලයෙකු ද ඇතුළුව අද දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇත. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මිට අමතරව කුරුණෑගල, ගනේවත්තේ හි පිහිටි තිත්තවැල්ලගල ග්‍රාමනිලධාරී වසම මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පවසනවා.