Monday, April 29, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඩුවම් දීමේ ප්‍රමාදය ගැන අධිකරණ ඇමති කථා කරයි




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණ ඉතා සංකීර්ණ බැවින් ඒවා අවසන් කර වැරදිකරුවන්ට කඩිනමින් දඩුවම් දීම පහසු නොවන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිීතිඥ අලි සබ්රි ද පවසනවා. ඒ, ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහි විමර්ශණ සම්බන්ධයෙන් ද අධිකරණ අමාත්‍ය ජනාධිපති නිීතිඥ අලි සබ්රි මෙහිදී අදහස් පල කළා.

අන්තවාදී සංවිධාන තහනම් කිරීම ඇතුලු සාධනීය කරුණු රැසක් මේ වන විට සිදුව ඇති බව අමාත්‍ය අලි සබ්රි පැවසුවා.