Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් මහ මග මියැදෙයි : දෛනික ආසාදිතයින් ගණන ලක්ෂ 03 ඉක්මවද්දී සෞඛ්‍ය කේෂ්ත්‍රයේ දැවැන්ත කඩා වැටීමක් (PHOTOS)




ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය බලා පැමිණීමට අවසර ඉල්ලු අමතර ගුවන් යානාවල ඉල්ලීම් ඉවතලෑමට බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ තීරණය කර තිබෙනවා. 

ඒ බ්‍රිතාන්‍යය විසින් හෙට දිනයේ සිට ඉන්දියාව සිය රතු දත්ත ලැයිස්තුවට එක් කිරිමට නියමිතව තිබෙන පසුබිමක් මතයි.

බ්‍රිතාන්‍යය ගුවන් තොටුපොළ බලධාරින් සඳහන් කරන්නේ නව නියෝගය නිකුත් කිරීමත් සමග ඉන්දියාවේ සිට එරටට පැමිණෙන ගුවන් මගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 3,15,600ක් සහ මරණ 2,091ක් වාර්තා වී තිබෙනවා. දිනයක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මෙය බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙන්නේ.

මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 67,468ක්, උත්තර් ප්‍රදේශ් හි ආසාදිතයින් 33,214ක් සහ දිල්ලියෙන් ආසාදිතයින් 24,638ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව 568ක් වාර්තා වන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් වන අතර දිල්ලි ප්‍රාන්තයෙන් මරණ 249ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර ඇතැම් කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර නොමැතිව මහ මග මියගොස් ඇති බවද ඉන්දියාවෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

දිනෙන් දින ඉහළ යන කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් එරට සෞඛ්‍ය සේවය තුල දැඩි කඩා වැටීමකට ලක්ව ඇති අතර රෝගීන් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ද රෝහල් තුල ඉඩපහසුකම් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.