Monday, April 29, 2024

General line - 0115112241

IDH සහ මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකය රෝගීන්ගෙන් පිරෙයි




IDH රෝහලේ පවතින ඇදන් ප්‍රමාණයට වඩා මේවනවිට රෝගින් ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇදන් 08 ම පිරී පවතින බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එම රෝහලට තවදුරටත් රෝගීන් ඇතුළත් කිරීමට නොහැකි බව ද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. සිංහල අලූත් අවුරුද්දෙන් පසුව එම රෝහලට ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. 

මේ අතර මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකය, අධි සත්කාර ඒකකය හා ප්‍රධාන පිරිමි වාට්ටුව ද කොරෝනා ආසාදිතයින්ගෙන්  පිරී ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළා. එම රෝහලට එලෙස ඇතුළත් කර ඇති කොරේානා ආසාදිතයින්ගෙන් බහුතරයක් තරුණ වයසේ පසුවන පිරිමි පුද්ගලයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර මේවනවිට රටතුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ රසායන වෘත්තීයවේදී සංගමයේ සභාපති රවි කුමුදේශ්.