Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දියාවේ සිට මව්රට බලා එන ඕස්ට්‍රේලියානුවන්ට අපරාධ චෝදනා




ඉන්දියාවේ සිට සිය රට බලා පැමිණෙන ඕස්ට්‍රේලියානුවන්ට වසර 05 සිරදඬුවමක් හෝ දඩයකට යටත්වීමට සිදු විය හැකි බව ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසනවා. ඉන්දියාවේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිය රට බලා පැමිණෙන පුද්ගලයින්ට ඕස්ට්‍රේලියානු රජය තාවකාලික තහනමක් පැනවීමටයි තීරණය කර ඇත්තේ. 

එම තහනම උල්ලංඝණය කරන පුද්ගලයින්ට සිර දඩුවම් හෝ දඩයකට යටත්වීමට සිදු වන බව ඕස්ට්‍රේලියානු බලධාරී්න් ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවේ සිට පැමිණෙණ සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමටද මෙම සතිය මුලදී ඕස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගත්තා. මේ වන විට ඕස්ට්‍රේලියානුවන් 9,000ක් පමණ ඉන්දියාවේ සිටින අතර ඉන් 600 දෙනෙකු පමණ අවධානමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර ලොව ඕනෑම රටකින් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන හාර ලක්ෂ 2,110ක්. කොරෝනා මරණ 3,522ක්ද ඊයේ දිනයේදී එරටින් වාර්තා වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන එක් කෝටි අනූ එක් ලක්ෂ 64,969ක්. එරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ ගණන දෙලක්ෂ 11,853ක් වන බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.