Thursday, May 2, 2024

General line - 0115112241

ත්‍රිකුණාමලය නගරය පාලුවට යයි 

අමදෝරු අමරජිව




ත්‍රිකුණාමල නගර සීමාව හා ඊට තදාසන්න ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සදහා පවත්වාගෙන යන වෙළදසැල් හැර අනෙකුත් සියලුම වෙළදසැල්  තාවකාලිකව අද (02) දින සිට වසාදැමීමට එම වෙළදසැල් හිමියන්ට ශබ්ද විකාශන යන්ත්‍ර  උපයෝගි කරගෙන දැනුම් දුන් බව දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල ප්‍රකාශ කර සිටිනවා.

ජනතාව ඒකරාශිවීම වැලැක්විමට කොවිඩ් - 19 වංගතය පාලනයට එක් පියවරක් ලෙස මෙම තීරණයට එළඹි බව කී දිසාපතිවරයා මේ සම්බන්ධයෙන් සොයාබැලිමට පොලිසියට දැනුම් දුන්බව කියා සිටියා.

මේ අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළදසැල් ඹෞෂධ සැල් හැර  තැබෑරුම්, ඇතුලු අනෙකුත් වෙළද සැල් වසා දැමීමත් සමග නගරය පාලු  ස්වභාවයක් උසුලන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.