Friday, September 20, 2024

General line - 0115112241

සතුරන් මිතුරන් කළ ලෝකෙම කතා කරන සෙල්ෆිය (PHOTOS)



උතුරු කොරියාව සහ දකුණු කොරියාව යනු තවමත් නිළව යුද්ධයක සිටින සතුරු රටවල් දෙකක්.

මොවුන් අතර ඇති මෙම විරසකය ඇති වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි.

කෙසේ වෙතත් ක්‍රීඩාවට සීමා මායිම් නොමැති බව ඔප්පු කරවන පුවතක් මෙවර රියෝ ඔලිම්පික් උළේලින් වාර්තා වනවා.

දකුණු කොරියාවේ Lee Eun-ju සහ උතුරු කොරියාවේ Hong Un-Jong නම් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් දෙදෙනා එකට එක්වී ගැසූ ‘සෙල්ෆි‘ඡායාරූපයක් මේ වෙන විට ලොව පුරා මාධ්‍ය රැසක කතා බහ වෙනවා.

උතුරු කොරියාවේ Hong Un-Jong ඔලිම්පික් වලට නවකයෙකු වුවත් දකුණු කොරියාවේ Lee පසුගිය ඔලිම්පික් තරගාවලියකදී රන්පදක්කම් දිනූ ක්‍රීඩිකාවක්.

කෙසේ වෙතත් පාලකයන්ගේ විරසකයන් අමතක කර දමා ඔවුන් දෙදෙනා මෙම කළ ක්‍රියාව ලෝ පුරා මාධ්‍යන් මෙන්ම සමාජ ජාලා මාධ්‍ය රැසකද ප්‍රශංසාවට ලක්වී තිබුණා.

කෙසේ වෙතත් මෙය උතුරු කොරියානු නායකයාගේ සිත්නොගත් සිදුවීමක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඡායාරූප පහතින් නරඹන්න.

36F7C46D00000578-3730559-image-a-15_1470702277900 36E5086A00000578-3730559-image-a-13_1470702257071 36F7C3A000000578-3730559-image-a-14_1470702269110