Monday, April 29, 2024

General line - 0115112241

මාස දෙකකට පසු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයෙක් හදුනා ගැනේ




මාස දෙකකට පසුව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. එලෙස වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණි අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තය තුළ යළි කොරෝනා වෛරසය ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව එම වාර්තාවල සදහන්. ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහණයක් වෙසෙන ප්‍රාන්ත අතර දෙවන ස්ථානය හිමිවන්නේ වික්ටෝරියා ප්‍රාන්තයටයි. 

මේ දක්වා ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාදිතයින් 29,938 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 910 ක්.