Monday, April 29, 2024

General line - 0115112241

ගාල්ලේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක්  (VIDEO - PHOTOS )

ලලිත් චාමින්ද - ගාල්ල




ධාරාණිපාත වාර්ෂාවත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයක සුළු ගංවතුර තත්වයක් ඇති වි තිබෙන ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ පවසනවා.

විශේෂයෙන් ගිංගග ආශ්‍රිත පදිංචිකරුවන් දැඩි අවධානයෙන් පසුවන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා ගිංගග ආශ්‍රිත පදිංච ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නෙළුව තවලම, නාගොඩ වැලිවිටයදිවිතුර, යක්කලමුල්ල, ඉමදුව, නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයහපත් කාලගුණික තත්ත්වය බලපා ඇති බවද  දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කර සිටියා. 

ඇතිවි තිබෙන ආපදා තත්වය පිළිබද ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය මගින් ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරණ බව පවසන දිස්ත්‍රික් ලේකම්වරයා අපදා තත්වය පිළිබද ත්‍රිවිධ හමුදාව හා පොලිසිය, ප්‍රාදේශීය ලේකම්කාර්යාල වල නිලධාරින් එම කටයුතු  සොයා බලමින් කටයුතු කරණ බවද ඔහු සඳහන් කළා.

ගිංගග ආශ්‍රිතව පදිංචි නිවෙස්වල නිරෝධායන වෙමින් සිටින පුද්ගලයින් ත්‍රිවීධ හමුදාවේ සහයෝගය ඇතිව ආරක්ෂිතව වෙනත් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමට සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.