Monday, April 29, 2024

General line - 0115112241

පස් කන්දක් කඩා වැටිමෙන් ඇණහිට තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය යලි යථා තත්ත්වයට




වටවල ප්‍රදේශයේදි මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිමෙන් ඇණහිට තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය යලි යථා
තත්ත්වයට.

හැටන් වටවල ප්‍රදේශයට (13) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ වටවල දියගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පස්වරු 6 සිට 7.30 දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණා.

අධික වර්ෂාවත් සමග මාර්ගයට ඉහලින් පිහිටි පස් කන්දක් ගල් සහ පස් සමග කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය1 ½ පමණ
කාලයක් ඇණ හිට තිබුනා.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුනු පස් සහ ගල් වටවල පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමනය එක් මංතිරුවකට පමණක් සිමා කර යථා තත්ත්වයට පත් කෙරුණා.

පස් සහ ගල් මාර්ගය කඩා වැටිම නිසා එම මාර්ගයේ දිගු රථ වාහන පොලිමක් දක්නට ලැබුණා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන සිට නුවරඑලිය දක්වා කඩින් කඩ අධික වර්ෂාව පතිත වන බවත්,එම මාර්ගයට පස් කදු කඩා වැටිමේ දැඩි අවධානමක් පවතින බැවින් එම මාර්ගයේ රථ වාහන
ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙසත්, පස් කදු කඩා වැටිමේ අවධානමක් ඇති ස්ථානවල රථ වාහන ගාල් නොකරන ලෙස නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.